අනුෂ්කා කිලෝ 20ක් බර ඇඳුම් ඇඳලා



 

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී එහි වැඩි අවධානයක් යොමු කරන අංගයක් තමයි එහි නළු නිළියන්ගේ ඇඳුම් පැලඳුම්. චිත්‍රපටයේ තේමාව සමඟ ඇඳුම් පැලඳුම් ගැළපීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුමයි. නිළියක් තමන්ගේ රංගනය වෙනුවෙන් කිලෝ 20ක් බරැති ඇඳුම් සහ ආභරණ ඇඟලා සිටීම කොහොම අත්දැකීමක් වෙන්න පුළුවන්ද?

කරන් ජොහාර්ගේ අලුත් චිත්‍රපටය Ae Dil Hai Mushkil හි ප්‍රධාන චරිත රඟපාන අනුෂ්කා ශර්මා සමඟ ඓශ්වර්යා රායි හා රන්බීර් කපූර්ද රගපානවා. එහි එක් ගීතයක් සඳහා අනුෂ්කා ශර්මා ඇන්ද ඇඳුමක් ගැන තමයි මේ දිනවල බොලිවුඩ් වල නිරන්තරයෙන් කතා වෙනවා..එම ඇඳුමේ බර කිලෝ 17ක්.ආභරණ පැලඳූ පසු සියලු බර කිලෝ 20ක්.

ඒ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුෂ්කා ෂර්මා කියා සිටියේ තමන්  එම ඇඳුම නිසා දැඩි අපහසුතාවට ලක්වූ අයුරු ඇය පවසා තිබුණා. පුහුණුවීම් කිරීමේදී එම ඇඳුම ඇඟලාගෙන පඩිපෙළක් නැවැත නැවැතත් නැඟීමට බැසීමට සිදුවීම අමිහිරි නමුත් සිහිපත් කරන විට මිහිරිවූ ඒ අත්දැකීම ගැන ඇය පවසා තිබුණේ හඬ ඟා සිනාසෙමින්. ඒ වගේම ඇය සතුටින් කියා සිටියේ එදින ඇය අලංකාර මනමාලියක ලෙස සැරසී සිටිනවා මෙන් දැනුණු බවයි.

( තිළිණි සිල්වා )

ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.....


RECOMMEND POSTS