අත්තම්මට රාහුල්ගෙන් ඇමතුමක්



අවුරුදු 107 ක් වයසැති ඉන්දීය අත්තම්මා කෙනකු පසුගිය දා ඇගේ 107 වැනි උපන්දිනය සැමරුවාය. ඒ, ඇගේ මිණිපිරියන් ද වට කර ගනිමිනි.

කේක් ගෙඩියේ ඉටිපන්දම් නිමමින් ඇය උපන් දින ප්‍රාර්ථනාවක් ද කළාය. තම අත්තම්මා ඉටි පන්දම් නිවා කේක් ගෙඩිය කපන අයුරු දැක්වෙන ඡායාරූප, ට්විටර් ගිණුමේ පළ කරමින් එක මිණිපිරියක වන දීපාලි සිකාන්ද් මෙසේ සටහනක් ප්‍රසිද්ධියට පත් කළාය.

‘අද මගේ අත්තම්මාට අවුරුදු 107 යි. ඇයට තිබුණේ එක ප්‍රාර්ථනාවයි. ඇය ආසයි කීවා කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හමුවන්න. මම ඇහුවා ඒ ඇයි. ඇය රහසින් කියනවා රාහුල් හරි කඩවසම් නිසා හමුවන්න කැමැති කියලා.’
මෙම ට්විටර් පණිවුඩය දැක, 47 හැවිරිදි රාහුල් ගාන්ධි, දීපාලි සිකාන්ද්ට පිළිතුරක් එවීමට කටයුතු කළේය.

‘මම ඔබේ ලස්සන අත්තම්මාට සුබ උපන්දිනයක් සහ සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා.’ යැයි එම පිළිතුරු පණිවුඩයේ සටහන් වී තිබේ.

ට්විටර් පණිවුඩය එවීමෙන් පසු රාහුල් ගාන්ධි, තම අත්තම්මාට ඇමැතුමක් දීමට පවා නිහතමානී වුණැයි දීපාලි සිකාන්ද්ට පසුව තවත් ට්විටර් පණිවුඩයකින් දන්වා තිබේ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS