අගමැතිනියගේ පූස් සුරතලා මැරිලා



නවසීලන්ත අගමැතිනිය ලෙස එම ධුරයට පත් ජැසින්ජා ඇර්ඩර්න් ද සමඟ අගමැති නිල නිවසේ පදිංචියට ගිය ඇගේ පූස් සුරතලා ‘පෙඞ්ල්ස්’ හදිසි අනතුරකින් මියගොස් ඇතැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කළේය.

නවසීලන්ත අගමැති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, ‘පෙඞ්ල්ස්’ මෝටර් රථයක ගැටීමෙන් මියගිය බවය. අනතුර සිදුවී ඇත්තේ ඊයේ (7) සවය ‘පෙඞ්ල්ස්’ගේ වියෝව හේතුවෙන් අගමැතිනී ජැසින්ජා ඇර්ඩර්න් දැඩි සිත්තැවුලට පත්ව සිටින බව ද වාර්තා වේ.

ජැසින්ජා ඇර්ඩර්න්ට ‘පෙඞ්ල්ස්’ පූස් සුරතලා හමුවී ඇත්තේ සුරතල් සතුන් වෙනුවෙන් ඇති අනාථ නිවසකිනි.

නවසීලන්තයේ ළාබාලතම නායිකාව ලෙස, ජැසින්ජා එරට අගමැති ධුරයට පත් වුණු අවස්ථාවේදී, අගමැති නිල නිවසට ගිය ‘පෙඞ්ල්ස්’ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ලොකු කතාබහක් ද නිර්මාණය විය. නවසීලන්ත අගමැති නිල නිවසට ගිය පළමු පූස් සුරතලා වූයේ ද ‘පෙඞ්ල්ස්’ ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS