අගමැති මෝදි ඇවිල්ලා



යුගදිවියට පත් ජනප්‍රිය බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ පළමු ප්‍රිය සාදය  නවදිල්ලි අගනුවරදී පැවැත්වුණු අතර, නව යුවල කළ ආරාධනාව පිළිගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී විය.

අනුෂ්කා සහ කෝලිගේ විවාහ මංගල උත්සවය හින්දු චාරිත්‍රාණුකූලව පැවැත්වූයේ පසුගිය 11 වැනිදා ඉතාලියේ මිලාන් නුවරය. එය ඉතා චාමෙට පැවැත්විණි.

අනුෂ්කා සහ කෝලී ප්‍රිය සාද දෙකක් පවත්වයි. දෙවැනි ප්‍රියසාදය පැවැත්වෙනු ඇත්තේ ලබන 26 වැනිදා මුම්බායි නුවරය. ඒ, අනුෂ්කා ෂර්මාගේ මිතුරු මිතුරියන් සහ බොලිවුඞ් නළු නිළියන් වෙනුවෙනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS