අගමැති නිල නිවසට යන පූස් සුරතලා



නවසීලන්ත නව මධ්‍ය වාමාංශික රජයේ අගමැති ලෙස එම ධුරයට පත්වුණු 31 හැවිරිදි ජැසින්ඩා ඇර්ඩර්න් සමඟ අගමැති නිල නිවසට  ‘පැඞ්ල්ස්’ නමැති ඇගේ පූස් පැටවා ද පැමිණ සිටින බවත් නවසීලන්ත අගමැතිවරයකු අගමැති නිල නිවසට පූසකු රැගෙන ආ පළමු අවස්ථාව මෙය බවත් පැවැසෙයි.

ලෝක නායකයන් බොහෝ දෙනකු ඔවුන්ගේ සුරතල් සතුන් ලෙස තෝරා ගන්නේ බල්ලන්ය. කෙසේ නමුත් දැන් බළලුන් ද එසේ සුරතල් සතුන් ලෙස තෝරා ගන්නා අවස්ථා ඇත. වත්මන් මැලේසියානු අගමැති නජීබ් රසාක්ට සිටින්නේ ද ‘කීකී’ නමැති පූස් සුරතලෙකි.

අගමැති නිල නිවසට පූස් සුරතලයකු ගෙනා පළමු අගමැතිනිය පමණක් නොව, ජැසින්ඩා ඇර්ඩර්න් එරට අගමැති ධුරයට පත් ළාබාලතම තැනැත්තා ද වන්නීය. 1856 වසරෙන් පසු නවසීලන්ත අගමැති ධුරයට පත් ළාබාලතම තැනැත්තා ජැසින්ඩා ඇර්ඩර්න් ය.

(රොයිටර්)


RECOMMEND POSTS