අගමැති තාත්තා බලන්න ඇවිල්ලා



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පුතුන් දෙදෙනා ලන්ඩනයේ සිට තම පියා බැලීමට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ.

සුලයිමාන් ඛාන් සහ ක්වසීම් ඛාන් යන මෙම පුතුන් දෙදෙනා ඉම්රාන්ගේ පළමු බිරිඳ ජෙමා ගෝල්ඞ්ස්මිත්ගේ දරුවන්ය.
පුතුන් දෙදෙනා  අගමැති පියා ඉම්රාන් ඛාන් සමඟ සිවු දිනක් පාකිස්තානයේ ගත කරනු ඇති බව ජෙමා ගෝල්ඞ්ස්මිත් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඉම්රාන් අගමැති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීමට සුලයිමාන් ඛාන් සහ ක්වසීම් ඛාන් කැමැත්තක් දක්වා ඇති නමුත්, එම අවස්ථාවට පැමිණෙන්න එපා යැයි ඉම්රාන් ඔවුන්ට පවසා තිබුණු බව ද වාර්තා වේ.

ඉම්රාන් තෙවරක් විවාහ වූ අයෙකි. ඔහු අවසන් වරට විවාහ වූයේ මෙම වසර මුලදීය. ජෙමා ගෝල්ඞ්ස්මිත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඉම්රාන් අගමැති ධුරයට පත් වුණු අවස්ථාවේදී මාධ්‍ය ඉදිරියේ පළමුවෙන් ඔහු වර්ණනා කළේ ද ජෙමා ගෝල්ඞ්ස්මිත්ය.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS