ABCD -3 වෙනුවෙන් වරුන් අපූරු නර්තනයක



කාගේත් අවධානය දිනාගත්  බොලිවුඩයේ තරුණ පරපුරේ සුපිරි තරු වන වරුන් ධවාන්ගේ හා ශ්‍රද්ධ කපූර් ගේ අපූරු  නර්තනයන් පුරා විහෙදෙන ‘‘එනි බොඩි කැන් ඩාන්ස් ‘‘ (ඒ.බී.සී.ඩී) චිත්‍රපටය ලබන ජනවාරි 24 වැනිදා තිරගත වීමට නියමිතව ඇත.

බොලිවුඩ් සිනමාපටයේ  ප්‍රවර්ධන කටයුතුවලට සමගාමීව අපූරු නර්තන ඉසව්වක් ඉන්දියාවේ මුම්බායි නගරයේදී සංවිධානය කර තිබුණි. ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළක් වන වරුන් ධවාන් සහ ශ්‍රද්ධා කපූර් ගේ සහභාගීත්වය එහිදී කැපී පෙනුණි.

මේ ඉසව්ව සංවිධානය කර තිබුණේ රෙමෝ ඩි සූසා ගේ අධ්‍යක්ෂණයක් වන ABCD චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට සමගාමීවයි.නර්තනය පදනම් කරගත් චිත්‍රපට මාලාවක් වන එහි ප්‍රධාන චරිතවලට ශ්‍රද්ධා කපූර් සහ වරුන් ධාවන් පන පොවයි.

සිය නර්තන කුසලතා විදහා දක්වමින් බොලිවුඩ් නළු වරුන් මෙහිදී කාගේත් වැඩි අවධානයක් දිනාගත්තේය.ABCD තෙවැනි චිත්‍රපටයේ  නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේද සුපිරි දකුණු ඉන්දීය නළු ප්‍රභූදේවා විසිනි.ලබන ජනවාරි 24 වැනිදා සිට එම සිනමාපටය ඉන්දියාව පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.

(තිළිණි ද සිල්වා)
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS