91 වැනි ඔස්කාර් සම්මාන උලෙළ



බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝඞ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උලෙළ 91 වැනි වරට ලොස් ඇන්ජලීස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේ ක්වීන් සංගීත කණ්ඩායම ඇසුරින් නිර්මාණය වූ ‘බොහිමියන් රැප්සොඩි’ චිත්‍රපටයේ ගායක ෆ්‍රෙඩී මර්කරිගේ චරිතයට පණ දුන් රාමී මලෙක් ය.

හොඳාම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘ද ෆේවරිට්’ චිත්‍රපටය වෙනුවෙන් ඔලීවියා කෝල්මන්ය. 18 වැනි සියවසේ එංගලන්තය සහ ප්‍රංශය අතර යුදමය වාතාවරණයක් පවතිද්දී, එංගලන්තයේ රැජින ඈන් සහ ඇගේ යෙහෙළියක සේරා ආදිපාදවරියගේ කතාව ‘ද ෆේවරිට්’ චිත්‍රපටයට පාදක වෙයි.

හොඳම සහාය නිළියට හිමි සම්මානය රෙජීනා කිංට හිමි විය. ඒ, ‘ඉෆ් බේල් ස්ටී්‍රට් කුඞ් ටෝක්’ චිත්‍රපටය වෙනුවෙනි. හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ, ‘ග්‍රීන් බුක්’ චිත්‍රපටයේ අපූරු රංගනයක නියැලුණු මහර්ෂාලා අලීය. මෙවර සම්මාන හොඳම චිත්‍රපටය වූයේ ද ග්‍රීන් බුක් චිත්‍රපටයයි.

හොඳම පරිගණක සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ස්පයිඩර් මෑන්ලා බොහොමයකගේ වික්‍රමයක් වන ‘ස්පයිඩර් මෑන්: ඉන්ටු ද ස්පයිඩර් වර්ස්’ චිත්‍රපටයයි.

හොඳම විදෙස් චිත්‍රපටය වූයේ මෙක්සිකෝ චිත්‍රපටයක් වූ ‘රෝමා’ ය. එපමණක් නොව, හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘රෝමා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇල්ෆ්‍රොන්සූ කුවරොන් ය.

මාවල් චිත්‍රකතා වීරයකු වන ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උලෙළට නිර්දේශ වී තිබුණි. චිත්‍රකතාවක් ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටයක් ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපට නාම යෝජනා අතරට එක් වුණු පළමු අවස්ථාව මෙය විය.

හොඳම චිත්‍රපටය නොවුණත්, ‘බ්ලැක් පැන්තර්’ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානයත්, හොඳම නිෂ්පාදන සැලැසුම් ඇතුළත් චිත්‍රපටය ලෙසත් සම්මාන හිමි කර ගත්තේය.

ලොස් ඇන්ජලීස් නුවරදීය (ඒ.එෆ්.පී./රොයිටර්ස්)


RECOMMEND POSTS