62 වැනි ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන උලෙළ



 

බොලිවුඞ් සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන 62 වැනි ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන උලෙළ අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගිය 14 වැනිදා මුම්බායි නුවරදී පැවැත්විණි. 

මෙවර සිනමා සම්මාන උලෙළේදී අමීර් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන මල්ලව පොර චිත්‍රපටය ‘දන්ගල්’ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනා ගත්තේය. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ අමීර් ඛාන්ය. ඒ, ‘දන්ගල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. මෙවර හොඳම චිත්‍රපටය වුනු ‘දන්ගල්’ හි අධ්‍යක්ෂ නිතේෂ් තිවාරි, හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය. ‘උදිතා පන්ජාබ්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අලියා බාත් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.

ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උලෙළ මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂ කරන් ජොහාර්, ප්‍රහසන නළු කපිල් ෂර්මා සහ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් විසිනි. සම්මාන උලෙළ නැටුම් ගැටුම්වලින් ද හැඩ ගැන්විණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS