2020 ලබද්දී සාරා මල්ලි එක්ක මාලදිවයිනේ



සාරා අලී ඛාන්, සයිෆ් අලී ඛාන්ගේ පළමු කසාදයේ දියණියයි. 24 හැවිරිදි සාරා මෙන්ම සාරාගේ සොයුරු 19 හැවිරිදි ඊබ්‍රහීම් අලී ඛාන් ද මේ වනවිට බොලිවුඩයට අවතීර්ණ වී සිටිති.

2018 වසරේ ‘කෙදර්නාත්’ චිත්‍රපටයේත් අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිගේ ‘සිම්බා’ වැනි චිත්‍රපට හරහා සාරා නව පුරපුරේ නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වී සිටින්නීය. සාරාගේ මීළඟ චිත්‍රපට වනු ඇත්තේ යළි ප්‍රති නිර්මාණය වන ‘කූලී නම්බර් වන්’ සහ ‘ලව් ආජ් කල්’ ය.

සාරා 2020 නව වසර සැමරුවේ, මාලදිවයිනේ සිටය. සාරා පමණක් නොව, ඇගේ මල්ලි ඊබ්‍රහීම් ද මාලදිවයිනේ නිවාඩුවකට ගොස් සිටී.

මාලදිවයිනේ බොහොම විවේකීයව සිටින සාරා සහ ඊබ්‍රහීම්ගේ ඡායාරූප පෙළෙක් ට්විටර් ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ඒ ගැන බොලිවුඞ් රසික රසිකාවියෝ මහත් උනන්දුවක් දැක්වූ බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS