2020 ඔස්කාර් සිනමා උළෙල



හොලිවුඞ් සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන 2020 වසරේ ඔස්කාර් සිනමා සම්මාන උළෙල කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර, ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

කවුරුත් මවිතයට පත් කරමින්, දකුණු කොරියන් චිත්‍රපටයක්, මෙවර සම්මාන උළෙලේ පෙරැළියක් කළේය. එම චිත්‍රපටය ‘පැරසයිට්’ ය. ‘පැරසයිට්’ හොඳම චිත්‍රපටය පමණක් නොව, හොඳම විදෙස් චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.

‘පැරසයිට්’ (පරපෝෂිතයා) දකුණු කොරියා සිනමාකරු බොන්ග් ජොන්ග් හෝගේ අධ්‍යක්ෂණයකි. බොන්ග් ජොන්ග් හෝ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ යකුවාන් ෆීනික්ස් ය. ඒ, ‘ජෝකර්’ චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කිරීමෙනි. ‘ජෝකර්’ ඇමෙරිකන් ඩී.සී. චිත්‍රකතා පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටයකි.

චිත්‍රකතා චරිත ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටයක් බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීම පමණක් නොව, සිනමා විචාරකයන්ගේ ද පැසැසුමට ලක් වුණු පළමු අවස්ථාව මෙයයි.

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය වූයේ රෙනේ සෙල්වෙගර් ය. ඒ, ‘ජූඩි’ චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම සහාය නළුවා වූයේ බ්‍රැඞ් පිට් ය. ඒ, ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඞ්’ චිත්‍රපටය වෙනුවෙන් කළ කළ රංගනයටය.

හොඳම සහාය නිළිය වූයේ, ලෝරා ඩර්න් ය. ඒ, ‘මැරේජ් ස්ටෝරී’ චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම සජීවීකරණ චිත්‍රපටය වූයේ ‘ටෝයි ස්ටෝරි 4’ ය.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS