2018 හොලිවුඞ් චිත්‍රපට 10



2018 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අතර පළමු තැන හිමිකර ගත්තේ ජෝ සහ ඇන්තනි රූසෝ අධ්‍යක්ෂණය කළ මාවල් චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටයයි.

වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා තිරගත වෙමින්, ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකකට වඩා උපයා ගැනීමට සමත් විය.

බොහෝ දෙනා පුලපුලා බලා සිටින, ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටයේ දෙවැන්න ‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ් ගේම්’ මෙම වසරේ අප්‍රේල් 29 වැනිදා තිරගත වීමට නියමිත අතර මෙය අවසන් ඇවෙන්ජර්ස් වික්‍රමය යැයි පැවැසෙයි.

දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ මාවල් චිත්‍රකතා වීරයකු වන බ්ලැක් පැන්තර්ගේ වික්‍රම රැගත් ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටයයි. ‘බ්ලැක් පැන්තර්’ උපයා ගත් ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.35 කි.

තෙවැනි ස්ථානය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.30 ක් උපයා ගත් ජුරාසික් වර්ල්ඞ්: ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයයි. මෙය 2015 වසරේ තිරගතවීම් ආරම්භ කළ ජුරාසික් වර්ල්ඞ් චිත්‍රපට මාලාවේ දෙවැනි කොටසය.

සිවුවැනි ස්ථානයට පත් වී ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 1.24 ක් හිමිකර ගැනීමට හැකිවුණු ‘ඉන්ක්‍රෙඩිබල්ස්’ චිත්‍රපට මාලාවේ දෙවැනි කොටසය. ඉන්ක්‍රෙඩිබල්ස් දෙවැනි චිත්‍රපටය නිර්මාණය වූයේ පළමු චිත්‍රපටය තිරගතවී වසර 15 කට පසුවය.

පස්වැනි ස්ථානයට පත්වී ඇත්තේ තවත් මාවල් චිත්‍රපටයකි. ඒ, ‘වෙනම්’ චිත්‍රපටයයි. ‘වෙනම්’ ඇමෙරිකන් ඩොලර් මිලියන 855 ක් උපයා ඇති බව පැවැසෙයි.

බොක්ස් ඔෆිස් වාර්තා අතර, හය වැනි ස්ථානයේ ඇත්තේ ‘මිෂන් ඉස්පොසිබල් ෆෝල් අවුට්’ චිත්‍රපටයයි. විචාරකයන්ගේ පැසැසුමට ලක් නොවුණත්, ටොම් කෲස් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘මිෂන් ඉස්පොසිබල් ෆෝල් අවුට්’ ඇමෙරිකන් ඩොලර් මිලියන 791 ක් උපයා ගත්තේය.

හත් වැනි ස්ථානයට පත් වූයේ තවමත් තිරගත වෙමින් පවතින ඩී.සී. චිත්‍රකතා වීරයකු වන ඇක්වා මෑන්ගේ වික්‍රම ඇතුළත් ඇක්වා මෑන් චිත්‍රපටයයි. පසුගිය 31 වැනිදා වනවිට ඇක්වා මෑන් ඇමෙරිකන් ඩොලර් මිලියන 748 ක් හිමිකරගෙන තිබුණි.


8 වැනි ස්ථානයට පත් වී ඇත්තේ තවත් මාවල් චිත්‍රකතා වීරයකු වන ඩෙඞ්පූල්ගේ වික්‍රම ඇතුළත් ‘ඩෙඞ්පූල් 2’ චිත්‍රපටයයි. උපයා ගත් ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 735 කි.

ඇමෙරිකන් ඩොලර් මිලියන 702 ක මුදලක් උපයා ගත් ‘බොහිමියන් රැප්සොඩි’ 9 වැනි ස්ථානයට පත් විය. බ්‍රයන් සිගර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පොප් ගායක ක්වීන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූවකි.

10 වැනි ස්ථානයේ ඇත්තේ හැරී පොටර් මායා ලෝකයට අලුතින් එක් වුණු චිත්‍රපට පෙළක් වන ‘ෆ්‍රැන්ටෑස්ටික් බීස්ට්’ චිත්‍රපට මාලාවේ දෙවැන්න ‘ෆෑන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඞ්ල්වෝල්ඞ්’ චිත්‍රපටයයි. මෙය ඇමෙරිකන් ඩොලර් මිලියන 627 න් ඉපැයීය.

 


RECOMMEND POSTS