2.0 චිත්‍රපටය කෝටි 500 ක් හොයලා



සුපිරි දෙමළ නළු රජිනි කාන්ත් සහ ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරෑපණය කරන එස්. ෂංකර්ගේ ‘2.0’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් අතිසාර්ථකව තිරගත වෙයි.

මේ වනවිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කර සතියක් ගත වී ඇති අතර, 2.0 චිත්‍රපටය ඉන්දීය රැපියල් කෝටි 500 ඉක්මවා ඇතැයි ද පැවැසෙයි.

මෙතෙක් වැඩිම ආදායමක් වාර්තා කර ඇති දෙමළ සිනමා නිර්මාණය වන්නේ එස්.එස්. රාජාමෝල්ගේ බාහුබාලී චිත්‍රපටයේ දෙවැන්නය.

මේ වනවිට 2.0 චිත්‍රපටය බාහුබාලී දෙවැනි චිත්‍රපටය වන ‘බාහුබාලි: ද කොන්ක්ලූෂන්’ පසු කිරීමට ද සූදානම් වෙයි.

ඉන්දියාවේ පමණක් ‘2.0’ චිත්‍රයෙ මේ වනවිට ඉන්දීය රැපියල් කෝටි 360 පසු කළ බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS