‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපට නළුවා පීටර් මේහියු සමුගනී



ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ, ලොමවලින් පිරුණු චූබැකා නමැති වුකීවරයාගේ චරිතයට පණ පොවමින්, ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ඇමෙරිකන් නළු පීටර් මේහියු දිවියෙන් සමුගත් බව හොලිවුඩයෙන් වාර්තා වේ.

මියයනවිට පීටර් 74 හැවිරිදි වියෙහි පසුවිය. පීටර් මේහියු පණ පෙවූ චූබැකාගේ චරිතය රසික හදවත් දිනා ගත්තේ, 1977 වසරේ තිරගත වූ මුල්ම ස්ටාර් වෝර්ස් චිත්‍රපට ‘අ නිව් හෝප්’ හරහාය.

ස්ටාර් වෝර්ස් කතා මාලාවට අනුව, හාන් සෝලෝ නමැති වීරයාගේ සගයා චූබැකා ය. හාන් සෝලෝගේ චරිතයට පණ දුන්නේ, ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඞ් නළු හැරිසන් ෆෝඞ් ය.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS