ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස් දිගුවක්: හොබ්ස් ඇන්ඞ් ෂෝ



මෑත කාලයේ හොලිවුඞ් සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපට අතර කැපී පෙනෙන චිත්‍රපට පෙළක් ලෙස ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට කැපී පෙනෙයි.

‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාවට එක් වුණු චරිත දෙකක් වන්නේ ලූක් හොබ්ස් සහ ඩෙකාඞ් ෂෝ ය.

හොබ්ස් එෆ්.බී.අයි. නීති නිලධාරියකු සහ වීරයකු ලෙස ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාවට එක් වූ අතර ඩෙකාඞ් ෂෝ චිත්‍රපට මාලාවට එක් වූයේ දුෂ්ඨයකු ලෙසය.

ලූක් හොබ්ස්ගේ චරිතයට රංගනයෙන් දායන වන්නේ ඞ්වේන් ‘රොක්’ ජොන්සන් වන අතර ඩෙකාඞ් ෂෝගේ චරිතය නිරූපණය කරන්නේ ජේසන් ස්තැතම්ය.

එකිනෙකා නුරුස්සන හොබ්ස් සහ ෂෝ මිතුරු වෙමින්, බි‍්‍රක්ස්ටන් නමැති සුපිරි නපුරා සහ ඔහුගේ හමුදාවට එරෙහිව සටන් කරමින් ලෝකය බේරා ගැනීම ‘හොබ්ස් ඇන්ඞ් ෂෝ’ චිත්‍රපටයේ කතාව වෙයි.

ඬේවිඞ් ලට්ච්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය තවත් චිත්‍රපට මාලාවක ඇරැඹුම වනු ඇති බවත් මෙම වසරේ රිදී තිරයේ දිග හැරෙන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටය වනු ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

වෙනෙසා කර්බි, එයිසා ගොන්සාලේස්, හෙලන් මීරියම් සහ එඞ්රිස් එල්බා චිත්‍රපටයට එක් වී සිටිති. බි‍්‍රක්ස්ටන්ගේ චරිතයට පණ පොවන්නේ ද එඞ්රිස් එල්බාය.


RECOMMEND POSTS