හැරී-මේගන් රජ පවුලෙන් ඉවත් වෙති



සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් බි‍්‍රතාන්‍ය රජ පවුලෙන් ඉවත් වීමට තීරණය කළහ.

හැරී කුමරු බි‍්‍රතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියාය.

ඒ අනුව, මින් ඉදිරියට හැරී සහ මේගන් යුවලට හිමි සියලූ රාජකීය වරප‍්‍රසාද අහිමි වෙයි.

යුවලට ජීවත් වීමට සිදුවනු ඇත්තේ ඔවුන් උපයා ගන්නා මුදලිනි.

හැරී සහ මේගන් යුවලට, ආචී නමින් මාස 7 ක පුතෙක් ද සිටී.

මේගන් ඇමෙරිකානු ජාතික තරුණියකි.

හැරී කුමරු සමග බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගියත් ඇගේ නිවහන ඇත්තේ කැනඩාවේය.

බි‍්‍රතාන්‍යයේ පමණක් නොව තමන්ට ඉදිරියට වැඩි වැඩියෙන් ඇමෙරිකාවේත් කැනඩාවේත් රැඳී සිටීමට සිදුවනු ඇති බැවින් රජ පවුලෙන් ඉවත් වී, සාමාන්‍ය යුවලක් ලෙස ජීවිතය ගත කිරීමට තීරණය කළ බව හැරී මේගන් යුවල මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළහ.

හැරී මේගන් යුවල ගත් මෙම තීරණය බි‍්‍රතාන්‍ය එලිසබත් මහ රැජින, චාල්ස් කුමරු පමණක් නොව විලියම් කුමරුන්ගේ නොසතුටට හේතුවක් වී ඇතැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS