හැරී කුමාරයා මානසිකව වැටිලා



ඩයනා කුමරියගේ හදිසි අභාවයත් සමඟ ඇගේ බාල පුතු හැරී කුමරු මානසික ඇදවැටීමකට ලක් වුණු බවත්, හැඟීම් පාලනය කර ගැනීමට ඔහු දැඩි උත්සාහයක් දැරූ බවත් බි්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

මේ බව අනාවරණය කළේ ද හැරී කුමරු විසිනි. ඒ, ‘ඬේලි ටෙලි ග්‍රාෆ්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

හැරී කුමරු මේ වනවිට 32 හැවිරිදි වියෙහි පසුවෙයි. ඩයනා කුමරිය ප්‍රංශයේ පැරිස් නුවරදී රිය අනතුරකින් මියගියේ 1997 වසරේදීය. ඒ වනවිට හැරී කුමරුට අවුරුදු 12 ක් විය.

‘අම්මා හදිසියේ මාව දාලා ගියා. එදා මට ඒක දරා ගන්න බැරිවුණා. මම ලෝකය දෙස බැලුවේ ක්‍රෝධයෙන්. අවුරුදු 20 ක් විතර වෙනකල්ම මම මානසිකව වැටිලයි හිටියේ. කොයිවෙලෙත් මම හිටියේ තරහෙන් අනෙක් අය එක්ක රණ්ඩුවලට පැටළෙන්න මට ඕනෑ වුණා.’ යැයි අතීතය සිහිපත් කරමින් හැරී කුමරු වැඩි දුරටත් කියා සිටී.

(ඩේලිමේල් ඇසුරිනි)

 

හැරී කුමරු (වමේ) වැඩිමල් සොයුරු විලියම් සහ කේට් කුමරිය සමග

 

 


RECOMMEND POSTS