සනී ලියොන්ගේ කතාව



බොලිවුඞ් සරාගිනිය සනී ලියොන්, ලිංගික ජවනිකාවල පෙනී සිටින ‘පෝර්න් ස්ටාර්’ නිළියක ලෙස, බොලිවුඞ් සිනමාව ජයගත් අයුරු දැක්වෙන ඇගේ ජීවිත කතාව ඇතුළත් ‘කරෙන්ජිත් කෝර්: ද අන්ටොල්ඞ් ස්ටෝරි ඔෆ් සනී ලියොන්’ නමැති වෙබ් කතා මාලාව ඉදිරියේ දී විකාශය වීමට නියමිතය.

මෙහි පූර්ව ප්‍රචාරක පටය පසුගිය දා අන්තර් ජාලයට මුදා හැරුණු අතර එය කාගේත් අවදානයට ලක් විය. සනී ලියොන් යනුවෙන් නම වෙනස් කර ගත්ත ද ඇය උපත ලැබුවේ කරෙන්ජිත් කෝර් යන නමිනි. ඇගේ මව පියා කැනඩාවට සංක්‍රමණය වූ ඉන්දියානුවන්ය. ඇය උපන්නේ ද කැනඩාවේය.

ආර්ථික අපහසුතා මැද, පැසැසුම් සහ ගැරහුම් මැද අභියෝග සහ ප්‍රශ්න රැසකට මුහුණ දෙන කරෙන්ජිත් කෝර්ගේ ජීවිතයේ පාසල් අවදිය සහ ඉන්පසු ඇය සරාගී නිරූපිකාවක සහ පෝර්ස් ස්ටාර් නිළියක බවට පත් වූ අයුරුත්, ඉන්පසු බොලිවුඞ් නිළියක බවට පත් වන අයුරුත් මෙම වෙබ් කතා මාලාවට ඇතුළත් වෙයි.

(එන්.ඩී.ටීවී.)

https://youtu.be/edJ6DnPXh8o


RECOMMEND POSTS