ෂාහිඩ් ගැන නරක ආරංචියක්



ෂහිඩ් කපූර් කියන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගන හැකියාවට ඕනෑම වයස් පරතරයක කෙනෙක් වශී වෙනවා කිව්වොත් නිවැරදියි.

තවමත් 37 වැනි වියේ පසුවන ෂහිඩ් කපූර්ට උදරයේ පිළිකා තත්ත්වයක් හටගෙන ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විවිධ ඉන්දියානු වෙබ් අඩවි පුවත් වාර්තා කර තිබෙනවා.

මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ෂහිඩ්ගෙන් කරුණු විමසීමට උත්සහ කළත්  ඒ සඳහා පිළිතුරු දීමට ෂහිඩ් ඉදිරිපත් වූෙය් නැහැ.ෂහිඩ්ගේ වෛද්‍යවරයා පවසා ඇති අන්දමින් මෙලෙස උදරයේ පිළිකා තත්ත්වයේ මූලික අවස්ථාවේ ෂහිඩ් සිටින බව ඉන්දියානු පුවත් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ කාරණාව සම්බන්ධයෙන් ෂහිඩ් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිෙය් , ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවය.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස්.


RECOMMEND POSTS