ෂාරුක් අක්ෂේ එක්ක වැඩ කරන්න කැමතිලු !



ෂාරුක් ඛාන් සහ අක්ෂේ කුමාර් එකම චිත්‍රපටයක ආයෙත් දැකගන්න ලැබුනොත් කාටත් සතුටු හිතෙයි. මේ ඒ ගැන පුංචි ගොසිප් එකක්. 

1998 ආපු dil toh paagal hai සහ 2007 ආපු heyy baby ෆිල්ම්ස්වලින් තමයි මේ දෙන්නව කට්ටිය එකම චිත්‍රපටයක දැක්කේ. දැන් අවුරුදු 12කින් එයාල එකට රඟපාලා නෑ. ගොසිප් වාර්තාවලට අනුව සඳහන් වෙනවා මලයාලම් ෆිල්ම් එකක් වෙන Kodathi Samaksham Balan Vakeel කියන ෆිල්ම් එකේ remake එක ශාරුඛ් සහ අක්ෂේ යොදාගෙන කරන්න. ඔරිජිනල් ෆිල්ම් එකේ Dileep, Mamta Mohandas සහ Priya Anand ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

ෂාරුක් අක්ෂේ සමඟ වැඩ කරන්න ගොඩක් ආසයි කියලත් තියෙනවා. වැඩ කරපු අවස්ථාවලත් එයාලා ගොඩක් වෙලාවට පසුතලයේදී එකේදී මුණ ගැහිලා නෑලු. අක්ෂේ යද්දීලු ෂාරුක් පසුතලයට  එකෙට එන්නේ. ඒ වගේ මගහැරීම් වෙලා තියෙනවලු. කොහොම වුණත් අක්ෂේ එක්ක වැඩ කළොත් විනෝදයක් වෙයි කියලා ෂාරුක්  තව දුරටත් කියලා තියෙනවා. 

( තිළිණි ද සිල්වා ) 

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS