යුද්දේ නිසා හිට් වුනු බොලිවුඩ් චිත්‍රපටය



" URI The Surgical Strike  "මේ දවස් වල තියෙන පකිස්ථාන - ඉන්දියානු යුද්ධයටත් ගැලපෙනම බොලිවුඩ්  චිත්‍ර‍පටියක් තමයි මේක කියලා කිව්වොත් නිවැරැදියි. 

කොහොම හරි ඒ නිසාද මන්දා කෝටි 45ක් විතර වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය අද වෙද්දි කෝටි 347කට අධික අදායමක් ලබමින් තවමත් තිරඟත වෙන්නේ.. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2019 ජනවාරි 11 වැනිදා.. යුද වාතාවරණය හමුවේ මේ චිත්‍රපටය සහ එහි රගපාන විකී කෞෂාල් ට බොලිවුඩයේ ලොකු තැනක් ලැබිලා කියලත් වාර්තා වෙනවා.

 චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. මේ ඔහුගේ පළවෙනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය. ප්‍ර‍ධාන චරිත ලෙස Vicky Kaushal,Yami Gautam,Paresh Rawal හා Kirti Kulhari රංඟනයෙන් දායක වෙනවා

මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ සැබැම සිදුවිමක්... ඒ 2016 අවුරුද්දේ සැප්තැම්බර් මස 18 වැනිදා ජම්මු සහ කාශ්මීර් හි URI හමුද කදවුරට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයයි.... මේ ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය දශක දෙකකට පසුව ඉන්දියානු දේශසීමාවේ සිදුවූ දරුණුම ගැටුම ලෙස තමයි වාර්තා වෙන්නේ... Jaish-e-Mohammed කල්ලිය විසින් සිදුකල මෙම ප්‍රහාරය සාර්ථකව මැඩ පවත්වන්නට ඉන්දියානු හමුදාවන්ට හැකි වුනා... නමුත් මේ ගැටුමේදි ඉන්දිය හමුදා නිළධාරීන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා. ඉතින් මේ සිදුවිමෙන් එහාට වුන දේ තමයි මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ.. ඉන්දියාව විසින් මේ ප්‍ර‍හාරයට එරේහිව සර්ජිකල් ස්ට්‍රයික් මෙහෙයුමක් දියත් කරනවා. සර්ජිකල් ස්ට්‍ර‍යික් කියන්නේ සතුරාගේ බලකොටුවටම සැඟවි ගොස් පහර දි නැවත පැමිණෙන එන. කොහොම හරි මේක සැබැ සිදුවිමක් නිසාම ඉන්දිය ආරක්ෂක අංශවල අධික්ෂණය යටතේ මේ චිත්‍ර‍පටිය නිර්මාණය කරන්න නිශ්පාදක කණ්ඩායමට සිදුවුනා කියලා තමයි ආරංචි වෙන්නේ. 

( තිළිණි ද සිල්වා )

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි .


RECOMMEND POSTS