මෙලානියාගේ නත්තල්



ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ඇමෙරිකානුවන්ට බදු සහන ලබා දෙන බව නිල වශයෙන් නිවේදනය කරද්දී, ට්‍රම්ප් බිරිය මෙලානියා වොෂින්ටන් අගනුවර ඇනාකොස්ටියා බෝලිං ඒකාබද්ධ හමුදා කඳවුරේ නත්තල් සැමැරුමකට එක් වූවාය.

එම අවස්ථාවේදී, හමුදා කඳවුරේ නිලධාරීන්ගේ දූ දරුවන් පිරිවරා ගනිමින්, මෙලානියා නත්තල් කාඞ්පත් සහ සරැසිලි නිර්මාණය කිරීමට ද අමතක නොනළාය. නත්තල් සැමැරුම සංවිධානය කරනු ලැබ තිබුණේ කඳවුරේ ප්‍රධානීන් විසිනි.

47 හැවිරිදි වියෙහි පසුවන මෙලානියා උණුසුම් අයුරින් පිළිගැනීමට කඳවුරේ හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුලේ අය කටයුතු කළ බව ද පැවැසෙයි. මෙලානියා අතින් පොඩිත්තන්ට නත්තල් තෑගි ලබා දීමක් සිදුවිය.

පසුගිය සතියේ ද මෙලානියා නත්තල් සැමරුමකට එක් විය. එම සැමැරුම පැවැත්වූයේ වොෂින්ටන් ළමා රෝහලේය. නත්තල් සීයා කෙනකු ද මෙලානියා සමඟ එක් වී සිටි අතර ඇය එහිදී පොඩිත්තන්ට කතාන්දර කීමට ද අමතක නොකළාය. මෙලානියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිළිකා රෝගී දරුවන්ට තිළිණ ප්‍රදානය කළාය.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS