මධුසමය ලංකාවේ



 
බොලිවුඩයේ අලුත්ම ජෝඩුවක් තමයි රන්වීර් සහ දීපිකා. මේ දෙන්නා හින්දු චාරිත්‍රානුකූලව විවාහ වුනේ ඉකුත් නොවැම්බර් මාසයේදීයි. අලුත බැදපු මේ ජෝඩුව සිය මධුසමය තාම ඉවර කරලා නැහැ.
 
රන්වීර් සහ දීපිකා බොහොම ආදරවන්ත යුවළක් නිසාම ඔවුන් තමන් ගේ මධු සමය වෙනුවෙන් ලංකාවට ඇවිත් ගියා කියලා බොලිවුඩයෙන් ආරංචි වුනා..
 
මේ දෙන්නා විවාහ වෙන්න කලිනුත් ලංකාවට  ආවා ගියා, ඒ දීපිකා ගේ හොදම මිතුරියකගේ විවාහ මංගල්‍යය වෙනුවෙන්..
 
ලංකාවට ආව රන්වීර් සහ දීපිකා කටුනායක ගුවන්තොටුපලේදී ප්‍රකට කිකට් තරුවක් වන සනත් ජයසූරිය සහ ගුවන්තොටුපලේ කාර්ය මණ්ඩලය ඇතුළු රසිකයින් සමග ඡායාරෑප වලට පෙනී සිටින්නටද අමතක නොකලේය.
 
( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS