මඟුල් ගෙදරට බලෙන්ම ඇවිල්ලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් සති අන්තයේ, පෙර දැනුම්දීමක් නොකර මංගල උත්සවයකට සහභාගී වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඉකුත් සති අන්යේ ට්‍රම්ප්, ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන ඇමෙරිකාවේ නිව්ජර්සි ජනපදයේ බෙඞ්මිනිස්ටර් නුවර ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ගොස් ඇත. මංගල උත්සවය පැවැත්වූයේ ගොල්ෆ් ක්‍රීඩාංගනය අසල ශාලාවකය.

ට්‍රම්ප් කවුරුත් පුදුමයට පත් කරමින්, මංගල උත්සවයට ‘කඩාපාත්වීම’ මනාලයා වුණු ජෙරප්ඞ් පාපා සහ මනාලිය ජෙනා බුචෝල්ට්ගේ සතුටට හේතුවක් වුණු බව පැවැසෙයි.

මනාලයා සහ මනාලිය සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට ද ට්‍රම්ප් අමතක නොකළේය. ට්‍රම්ප් සමඟ මෙලානියා ද සිටි බව වාර්තා වේ.

ට්‍රම්ප් නව යුවලට සුබ පතා පිටවී ගිය බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS