බොලිවුඞ් රජුට 54 යි



හොලිවුඩයේ සුරිපි නළු ෂාරුක් ඛාන් ඊයේ (2) සිය 54 වැනි ජන්ම දිනය සැමරුවේය.

බොලිවුඞ් නළ ෂාරුක්ට සුබ පැතීමට ඔහුගේ රසික රසිකාවියෝ පළමු වැනිදා මැදියම් රැයේ මුම්බායි නුවර බන්ඩ්‍රා මනාත් හි පිහිටි ෂාරුක්ගේ නිවස ඉදිරියේ රැස් කන්න වූහ. ෂාරුක් සදලු තලයේ සිට සුපුරුදු පරිදි ඒ සැමට අත වනමින් ස්තුති කළේය.

ඊයේ (2) ෂාරුක්ගේ රසික රසිකාවියන් පමණක් නොව, බොලිවුඞ් නළි නිළියන්ගෙන් ෂාරුක්ට සුබ පැතුම් හිමිවිය. ෂාරුක් ඛාන් උපන්නේ 1965 වසරේ නොවැම්බර් දෙවැනිදාය. ෂාරුක් බොලිවුඞ් නළුවකු වී වසර 31 ක් ගත වී ඇති අතර, ඔහු සිනමා නිර්මාණ 83 කට දායක වී ඇත. ෂාරුක්ගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක් යැයි පැවැසෙයි. ඒ, මෙම 2019 වෙද්දීය.

නළුවකු පමණක් නොව, ෂාරුක් රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකි. නිෂ්පාදකවරයෙකි. බිරිඳ ගෞරි ඛාන් ද සමඟ එක් වී, චිත්‍රපට, රූපවාහිනී කතා මාලා නිෂ්පාදය කරයි. ඉන්දියාවේ ධනවතුන් අතර කැපී පෙනෙන චරිතයක් ලෙස ද ෂාරුක් හැඳින්විය හැකිය.

ෂාරුක්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීමට ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා කුලුන ද අමතක නොකළේය.  එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි මිටර් 828 ක් උස, මහල් 163 කින් සමන්විත බර්ජ් කලීෆා කුලුන ලොව උසම ගොඩනැගිල්ල වූයේ 2009 දීය.

ඔන්ත්‍රෙපනූවර් ඉන්දියා ඇසුරිනි

 


RECOMMEND POSTS