බෙලරූස් ජනපතිගේ ළාබාල පෙම්වතිය



මරීයා වෙසිලෙවිච් බෙලරූස් ජාතික 25 හැවිරිදි තරුණියකි. පසුගිය නොවැම්බර් 17 වැනිදා බෙලරූස් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ඊට ඉදිරිපත් වුණු මරීයා ජයග්‍රහණය කළාය. අද ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වෙයි.

2018 දී චීනයේ පැවැති ලෝක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් සුරූපිනියන්ගෙන් කෙනකු වන්නේ මරීයා වෙසිලෙවිච් ය. මරීයා ට කිසිදු දේශපාලන අත්දැකීමක් නැත. දේශපාලන දැනුමක් නැත. මැතිවරණයට අදාළව ඇය කිසිදු ප්‍රචාරණ රැස්වීමකට සහභාගී වූයේ ද නැත.

එසේ වුවත්, බෙලරූස් වැසියෝ මරීයා වෙසිලෙවිච් හොඳින් හඳුනති. ඒ, 2018 ලෝක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ නිසාම නොවෙයි. බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ සිත සොරා ගැනීමට මරීයා සමත් වී සිටින නිසාය.

2018 ලෝක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට මරීයාට උදවු කළේ ජනාධිපති ලුකෂෙන්කෝ යැයි ද පැවැසෙයි. එපමණක් නොව, ඇය දේශපාලනයට ගෙන්වා ගැනීමට කටයුතු කළේ ද ජනාධිපතිවරයාය. ජනාධිපති ලුකෂෙන්කෝ විවාහකය. ලුකෂෙන්කෝ විවාහ වී ඇත්තේ 1975 දීය. ජනපතිවරයාට දරුවෝ තිදෙනෙකි. එම දරුවන්ට ද දරුවෝ සිටිති. ජනාධිපතිවරයා සහ මරීයා වෙසිලෙවිච් අතරේ රහස් පෙම් හඹයක් පවතින බව ප්‍රසිද්ධ රහසක් යැයි පැවැසෙයි.

2018 ලෝක රූ රැජින තරගයෙන් 3 වැනි ස්ථානයට පත් වීමෙන් පසු මරීයා සහ ජනාධිපති ලුකෂෙන්කෝ දෙදෙනා නිතර මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. මෙම වසර උදා වෙද්දී, බෙලරූස් හි මින්ස්ක් අගනුවර  පැවැත්වුණු සජීවී විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර ඊට සහභාගී වූ මරියා සහ ජනාධිපති ලුකෂෙන්කෝ එක් වී නර්තනයක් ද ඉදිරිපත් කළහ.

‘ඬේලිමේල් ඇසුරිනි’


RECOMMEND POSTS