පාප්තුමන්ගේ අතින් ඇදලා



වතිකානයේ ශාන්ත පීටර්ස් චතුරස්‍රයට රැස්ව සිටි පිරිස අතරේ වූ එක් කාන්තාවක, පාප්තුමන්ගේ අත අදිමින්, එතුමන්ට සුබ පැතීමට උත්සාහ ගත් අවස්ථාවේ පාප්තුමන්ට කේන්ති ගියේය.

පාප්තුමන් ඇගේ අත ගසා දමා එතැනින් නිකම ගියේ ඇයට සිය අප්‍රසාදය පළ කරමිණි.

වතිකානයේ ශාන්ත පීටර්ස් චතුරස්‍රයට දස දහස් ගණනක් වන්දනාකරුවෝ රැස් වී සිටියේ නව වසර උදා වෙද්දී පාප්තුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටය. බොහෝ දෙනා විදෙස් වන්දනාකරුවන් යැයි ද වතිකාන වාර්තා පෙන්වා දී ඇත.

පාප්තුමන්තේ අතින් අදිමින් බලෙන් ආශිර්වාද ලබා ගැනීමට තැත් කළේ විදෙස් කාන්තාවක බවත් ඇය පිලිපීන කාන්තාවක විය හැකි බවත් ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

වතිකානයේදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS