ප්‍රියංකාගේ ඉටි රුව



හොලිවුඩය ද ජයගත් බොලිවුඞ් සුරූපිනී ප්‍රියංකා චොප්රාගේ ඉටි රූපයක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැඩම් තුසූඞ්ස් කෞතුකාගාරයේ දී නිරාවරණය විය.

ඉටි පිළිමය නිරාවරණය කරනු ලැබුවේ ද ප්‍රියංකා විසිනි. ‘ඔන්න මගේ ඉටි පිළිමය නිව්යෝක් නුවර ඉටි කෞතුකාගාරයේ තියෙනවා. හැමෝම ඇවිත් බලන්න. මට වැඩිය ඉටි රූපය ලස්සනයි’ යැයි ඉටි රූපය විවෘත කිරීමෙන් පසු ප්‍රියංකා ඡායාරූප පළ කරමින් ඉස්ට්‍රග්‍රෑම් පණිවුඩයක් ද ප්‍රසිද්ධියට පත් කළාය.

ඉටි රූපය නිර්මාණය කර ඇත්තේ 2016 වසරේ දී ප්‍රියංකා එමී සම්මාන උලෙළට සැරැසී සිටි රතු පැහැති ඇඳුමින්ය.

36 හැවිරිදි ප්‍රියංකා පසුගිය වසර අවසානයේ විවාහ වූවාය. ඒ, ඇමෙරිකන් ගායකයකු, ගීත රචකයකු පමණක් නොව, නළුවකු ද වන නික් ජෝනාස් සමඟය. ප්‍රියංකා මේ වනවිට හොලිවුඞ් සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වී සිටී. ‘ඉසන්ට් ඉට් රොමැන්ටික්’ සහ ‘ද ස්කයි ඊස් පිංක්’ එම චිත්‍රපට දෙකය.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS