දෙන්නම අරන් ගිහිල්ලා



මෙක්සිකෝ පා පන්දු කණ්ඩායමේ පුහුණුකරු, මෙක්සිකෝ පා පන්දු කණ්ඩායම සමඟ රුසියාව බලා ගොස් ඇත්තේ බිරිඳ සහ අනියම් පෙම්වතිය ද සමඟ යැයි මේල් ඔන්ලයින් වාර්තා කරයි.

පුහුණුකරු 56 හැවිරිදි යුවාන් කාලෝස්ගේ බිරිඳ 50 හැවිරිදි ජුලියෙට් ඔසෝරියෝය. මොවුන් දෙදෙනාට දරු දෙදෙනක් ද සිටිති. පුහුණුකරුගේ අනියම් පෙම 30 හැවිරිදි මරියානා සකරියාස් නමැති ක්‍රීඩා පුවත් වාර්තාකාරිනියයි.

මරියානා සහ යුවාන් කාලෝස්ගේ අනියම් පෙම වසර දෙකක් තිස්සේ පවතින බවත්, එය බිරිය ජුලියෙට් ට පමණක් නොව, මුළු මෙක්සිකෝවටම රහසක් නොවන බවත් පැවැසෙයි.

ඉකුත් දා පැවැති තරගයෙන් මෙක්සිකෝ පරාජය කිරීමට බ්‍රසීලය සමත් විය. කෙසේ නමුත් පරාජය ලැබූ අවස්ථාවේදී, යුවාන් කාලෝස් සැනැසීමට ජුලියෙට් ඔසෝරියෝ හෝ මරියානා සකරියාස් හෝ නොපැමිණි බව ද මේල්ඔන්ලයින් වාර්තා කරයි.

(මේල් ඔන්ලයින්)


RECOMMEND POSTS