තාමත් තරුණ සෝනම් !



සුපිරි බොලිවුඩ් නිලි සෝනම් කපූර්   සිය 34 වැනි උපන්දිනය ඉකුත්දා සැමරුවාය.

බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ආනන්ද් අහූජා ඉතා ප්‍රේමාන්විත සුබ පැතුමක් එක්කර ඇති බවයි.විවාහයට එළැමීමෙන් පසුව ඇය සිය සැමියා සමග උපන්දිනය සැමරූ මුල්ම අවස්ථාව මෙය බැවින් සෝනම් ගේ සැමියා ඇයව පුද්මයට පත් කර ඇතැයිද වාර්තාවේ.

සෝනම් කපූර් සිය සැමියා, පවුලේ සාමාජිකයන් වූ බොලිවුඩ් සුපිරි නලු අනිල් කපූර්, මව සුනීතා, බොලිවුඩ් නලු අනූපම් කේර් සමග එක්ව තරුපහේ හෝටලයකදී උපන්දින සාදයක්ද පවත්වා ඇත.

සෝනම් කපූර් මේ දිනවල ද සෝයා ෆැක්ටර් චිත්‍රපටයේ රූගත කිරීම් හේතුවෙන් කාර්යයබහුල ව සිටින්නී ය.

( තිළිණි ද සිල්වා )
හින්දුස්ථාන් ටයිම්ස්

RECOMMEND POSTS