ඩ්වේන් ජොන්සන්ටත් කොරෝනා



හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවකු ලෙස, ලොව ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ඩ්වේන් ජොන්සන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

තමන් පමණක් නොව, තම බිරිඳ ලොරේන් (35) සහ දියණියන් වන ජැස්මින් සහ ටියානා කොරෝනා ආසිදිතයන් ලෙස හඳුනා ගෙන ඇති බවත්, සියලු දෙනා නිවසට වී නිරෝධායනයේ පසුවන බවත් ජොන්සන් ඉන්ට්‍රගෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබේ.

ලොව වැඩිම මුදලක් උපයන රංගන ශිල්පියා වන්නේ 48 හැවිරිදි ඞ්වේන් ජොන්සන්ය. ෆෝබ්ස් සඟරාවට අනුව, පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා ජොන්සන් උපයා ඇති මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 87 කි. හොලිවුඩ් නළුවකු වීමට පෙර, ජොන්සන් රෙස්ලිං ක්‍රීඩකයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS