ඩයනා අලුත් වෙයි !



බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය පිළිබඳව නිෂ්පාදනය කිරීමට නියමිත නවතම හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට හොලිවුඩ් නිළි ක්‍රිස්ටින් ස්ටුවර්ට් තෝරාගෙන ඇත.

‘ස්පෙන්සර් ‘ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයට පාදක වන්නේ ඩයනා කුමරියගේ විවාහය සහ එය බිඳ වැටීම යැයි විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඩයනා කුමරියගේ චරිතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වීම තම ජීවිතයේ ලැබූ භාග්‍යක් බවට ක්‍රිස්ටින් මාධ්‍ය හමුවේ පවසා ඇත.

30 හැවිරිදි ක්‍රිස්ටියන් 2000 වසරේ සිට සිනමා නිර්මාණවලට දායක වූ අයෙකි.

ළමා නිළියක ලෙස ජනප්‍රිය වූ ක්‍රිස්ටින් රසික හදවත් දිනා ගත්තේ 2008, 2009 සහ 2010 වසරවල තිරගත වුණු 'ට්වයිලයිට්' සිනමා ත්‍රිත්වයේ ඒඩ්වඩ් කලන් නමැති වැම්පයර් පෙම්වතාට පෙම් බැඳි බෙලා ලෙසය.

ට්වයිලයිට් චිත‍්‍රපට මාලාවේ බෙලා ස්වෝන් ලෙස ...

ඔන් ද රෝඩ්, පර්සනල් ෂොපර් සහ ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන් චිත්‍රපටයට ද ක්‍රිස්ටින් දායක වූවාය.

ස්නෝව් වයිට් චිත‍්‍රපටයේ ක‍්‍රිස් හෙම්ස්වර්ත් සමඟ

චාලීස් ඒන්ජල්ස් චිත‍්‍රපටයේ එලා බැලෙන්ස්කා සහ නියෝමි ස්කොට් සමඟ

නව මුහුණුවරකින් නිර්මාණය වූ 2019 දී තිරගත වුණු චාලීස් ඒ්න්ජල්ස් නවතම චිත්‍රපටයට ද ක්‍රිස්ටින් ස්ටුවර්ට් රංගනයෙන් දායක වී ඇත. මෙම 2020 වසරේ ක්‍රිස්ටින් රංගනයෙන් දායක වූ චිත්‍රපටය ‘අන්ඩර් වෝටර්’ ය.

මරියානා අගාධයේ ගැඹුරු මුහුදු පතුළේ බිහිසුණු සත්ව විශේෂයකගෙන් බේරීමට උත්සහ ගන්නා කැණීම් කණ්ඩායමක් ගැන කියැවෙන කතාවක් ‘අන්ඩර් වෝටර්’ චිත්‍රපටයට පාදක වෙයි.

අන්ඩර් වෝටර් චිත‍්‍රපටයේ ජෙසිකා හෙන්වික් සමඟ
 
( තිළිණි ද සිල්වා )
එන්.බී.සී ඇසුරෙනි.

RECOMMEND POSTS