ටාරා සුතාරියාට සුබ උපන් දිනයක්



බොලිවුඩයේ නවක නිළියක වන ටාරා සුතාරියා අද (20) සිය 25 වැනි උපන් දිනය සමරන්නීය.

සුන්දර මාලදිවයිනේ සිට උපන් දිනය සමරමින් ටාරා ඡායාරූප කීපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ ඇගේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමිණි‍.

ඇයට සුබ පැතුම් එක් කළ බොහෝ දෙනා අතරේ බොලිවුඩ් නළු නිළියෝ ද වෙති‍.

ටාරාගේ පෙම්වතා ලෙස සැලකෙන්නේ 26 හැවිරිදි අදාර් ජායින්ය. ටාරා මාලදිවයිනට ගොස් විනෝද වෙන්නේ ද ඔහු සමග යැයි පැවැසෙයි.

බොලිවුඩයට එක්වුණු නවක නළුවකු වන අදාර් ජායින්, කපූර් පරම්පරාවේ සාමාජිකයකු වන රාජ් කපූර්ගේ මුණුපුරෙකි.

ටාරා සුතාරියා, රංගනයට දායක වූයේ ළමා නිළියක ලෙසිණි. ඒ 2010 වසරේ දී 'ඩිස්නි ඉන්දියා' නිෂ්පාදනයක් වූ 'බිග් බඩා බූම්' හරහාය.

2012 දී ඇය 'ද සියුට් ලයිෆ් ඔෆ් කරන් ඇන්ඩ් කබීර්' රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් එක් වූවාය. 2013 දී ඇය 'ඔයේ ජෙසී' නමැති බොලිවුඩ් රූපවාහිනී කතා මාලාවට සම්බන්ධ වූවාය.

පසුගිය 2019 වසර ටාරා සුටාරියාගේ රංගන දිවිය වෙනස් කළ වසරක් ලෙස සැලකෙයි. ඒ වනවිට ඇය බොලිවුඩ් සිනමාව ජය ගනිමින්, 'ස්ටුඩන්ට් ඔෆ් ද යර් 2' චිත්‍රපටයට ඒක් වී සිටියාය.

ස්ටුඩන්ට් ඔෆ් ද යර් 2 චිත්‍රපටයේ ටයිගර් ෂෙරොෆ් සහ අනන්යා පාණ්ඩේ සමග

'සී සිනේ' සිනමා සම්මාන උළෙලේදී, හොඳම නවක නිළියට හිමි සම්මානය ද ටාරා දිනා ගත්තාය.

ඊට අමතරව 'ෆිලිම්ෆෙයාර්' සිනමා සම්මාන උළෙලේදී හොඳම නවක නිළිය ලෙසත් ඇගේ නම යෝජනා විය.

'මර්ජවාන්' චිත්‍රපටයේ කළ රංගනය

2019 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වුණු 'මර්ජවාන්' ක්‍රියාදාම බොලිවුඩ් සිනමා පටයේ ගොලු යුවති‌ගේ චරිතන නිරූපණය කරන්නේ ද මැයයි.

(එන්.ඩී‍.ටීවී)


RECOMMEND POSTS