ට්‍රම්ප් පවුලෙන් සාදයක්



2017 වසර අවසන් කරමින්, නව වසර පිළිගැනීම නිමිත්තෙන් විශේෂ සාදයක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියාගේ අනුග්‍රහයෙන් ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝහි පිහිටි ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.

ට්‍රම්ප්, මෙලානියා සමඟ පුතු බැරැන් පමණක් නොව, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා සහ ඇගේ පවුලේ සාමාජිකයෝ ද සාදයට සහභාගී වූහ.

ට්‍රම්ප් පරිපාලනයේ සැවොම ආරාධිත අමුත්තන් ලෙස සාදයට පැමිණ සිටි බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

සාදයට පැමිණි පිරිස වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 750 ක ටිකට් පතක් ද නිකුත් කෙරුණි. සාදයෙන් ලැබුණු ආදායම පුණ්‍ය කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිත බව ද පැවැසෙයි.

 (ඬේලිමේල්/ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS