කරීනා - ආක්ෂේ පෙම්වතුන් වෙලා



ජනප්‍රිය ඉන්දීය නළු නිළි යුවළක් වන කරීනා කපූර් සහ අක්ෂේ කුමාර් රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වී සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

හින්දි චිත්‍රපට අධ්‍යක්ෂක දිල්ජිත් ඩොසන්ජිගේ නවතම චිත්‍රපටය වන ‘‘ගුඩ් නිව්ස් ‘‘ සිනමා පටය වෙනුවෙනි.

එහි රූගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිත යැයිද බොලිවුඩ් ආරංචි මාර්ග කියා සිටී.

ලබන වසරේ සිනමා පටය තිරගත කිරීම තම අපේක්ෂාව බව එම චිත්‍රපටයේ  නිෂ්පාදක කණ්ඩායම පවසයි.මෙය කරීනා සහ ආක්ෂේ පෙම්වතුන් ලෙස රගපාන පළමු චිත්‍රපට යැයිද පැවසේ .

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS