ඉරාන ගණිතඥ මේරියන් මර්සකෑනී සමුගනී



ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සම්මානනීය ඉරාන ගණිතඥවරියක වන මේරියන් මර්සකෑනී ඊයේ (15) මෙලොවින් සමුගත්තාය.

මියයනවිට මේරියන් මර්සකෑනී 40 හැවිරිදි වියෙහි පසුවිය. ඇය පියයුරු පිළිකා රෝගියකු වී සිටියේ යැයි ද පැවැසෙයි. මේරියම් 1977 වසරේ උපත ලැබුවේ තෙහෙරාන් අගනුවරදීය.

1994 සහ 1995 වසරවලදී ඇය ගණිකත ඔලිම්පික් ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය කළාය. 2014 වසරේ දී ගණිතය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් ද මැය පිදුම් ලැබුවාය.

ඊට අමතරව පසුගිය 2016 වසරේ දී ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමිය විසින් ගණිත අංශය වෙනුවෙන් පිරිනැමෙන සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමියේ සම්මානයකින් පිදුම් ලැබූ පළමු ඉරාන ජාතික කාන්තාව වන්නේ ද මේරියන් මර්සකෑනී ය.

(රොයිටර්)

 


RECOMMEND POSTS