අයිශ්වර්යාගේ පියා සමුගනී



පිළිකා රෝගී තත්ත්වය  දැඩි ලෙස අසාධ්‍ය වීම හේතුවෙන් වනවිට මුම්බායි හි ලීලාවතී පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටි සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා වූ ක්‍රිෂ්ණරාජ් රායි පසුගිය දා (18) ආභාවප්‍රාප්ත විය.

වෛද්‍යවරුන් මුල සිටම ආයිශ්වර්යා ගේ පවුලේ අයට දන්වා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසීරු අඩියක පවතින බවයි.පුරා මාසයකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි අයිශ්වර්යාගේ පියා වසා ගැටිති ආසන්නයේ ඇතිවී පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත.පියාගේ මරණය හේතුවෙන් අයිශ්වර්යා දැඩි කම්පනයට පත් ඇත.

ඔහුගේ පිළිකා රෝගී තත්වය උත්සන්න වීම නිසා ක්‍රිෂ්ණ රාජ් මහතා මියගිය බව පවුලේ අයට රෝහලෙන් දැන්වීමෙන් පසු රායි පවුල මෙන්ම බච්චන් පවුලද රෝහල වෙත ලගාවූ අතර හින්දු චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු අද (19) දිනයේදීම සිදු කරන ලදී.

මැන්ගලෝර් හි පදිංචිකරුවෙකු වන මියගිය ක්‍රිෂ්ණරාජ් මහතා වෘත්තීයෙන්  විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වේ.ඔහුට අයිශ්වර්යා රායි ට අමතරව ආදිත්‍ය රායි නමින් පුතණුවෙක්ද සිටී.

මෙම ආරංචිය කණ වැකීමෙන් පසු ෂාරුක් ඛාන් ,සංජේ ලීලා බන්සාලි , සොනාලි බෙන්ද්‍රේ ආදී අයිශ්වර්යාගේ සහ ඔහුගේ සැමියා වූ අභිෂේක්ගේ බොලිවුඩ් ක්ෂේත්‍රෙය් හිතවතුන් හා  රසිකයින්ද සිරැරට අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ද්‍රා හි ක්‍රිෂ්ණ රාජ් මහතාගේ පැමිණ ඇති අතර එයින් විශාල මාර්ග තදබදයක්ද හටගෙන ඇතැයි ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

තිළිණි ද සිල්වා
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි

 

 


RECOMMEND POSTS