අමීර් දු පෙම් පලහිලව්වක



බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් දුව මේ දවස්වල පුවත් මවන්නියක වෙලා කියලයි බොලිවුඩ් වලින් ආරංචි වෙන්නේ.

අමීර් ගේ පළමු විවාහයෙන් සිටින එකම දියණිය ඉරා ඛාන් නාඳුනන තරුණයෙක් එක්ක ඉන්න ඡායාරෑපයක් සමාජ ජාල වෙබ් අඩවි හරහා අන්තර් ජාලයට එක්වීමත් සමග ඇය ගැන ඉන්දීය මාධ්‍ය විවිධ දෑ පළ කරමින් සිටිනවා.

ඉරා විසින් ඇයගේ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල ගිණුම එක් කර ඇති එම ඡායාරෑප යේ එම නාඳුනන තරුණයා ඇයගේ නළලත සිප ගන්නා ආකරයත් දිස් වන අතර ඇය ඒ ගැන දැනෙන හැගීම පළ කරන්නත් ඇය අමතක කරලා නැහැ.මෙම තරුණයා ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට ඉන්දීය මාධ්‍ය වලට නොහැකි වෙලා.

ඉරා බොලිවුඩයට පිවිසෙනවාද නැත්ද යන්න මේ වෙනකම් කිසිම ඉගියක් පළ නොවුනත් ඇය තාත්තා නිසාම වඩාත කතාඉහට ලක් වන චරිතටක්

අමීර් ඛාන් යනු ක්ෂේත්‍රයේ විවිධ කතා මවන චරිතයක් සේම මීට පෙර මේ තාත්තයි දූයි නිකුත් ඡායාරෑපයක් නිසා ඔවුන් දෙදෙනාටත් දැඩි විවේචන එල්ල වුණා.

( තිළිණි ද සිල්වා)
එන්.ඩී.ටී.වී ඇසුරෙනි

RECOMMEND POSTS