අභ්‍යවකාශයේ රූගත තිරීමකට ටොම් කෲස් සූදානම්



ලෝ ප්‍රකට හොලිවුඞ් ක්‍රියාදාම නළු 57 හැවිරිදි ටොම් කෲස් අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූගත කිරීමට සූදානම් බව හොලිවුඞ් පුවත් සේවා වාර්තා කරයි.

චිත්‍රපටය පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ තුළ රූගත කිරීමට නියහමිතය. වැඩි විස්තර ප්‍රසිද්ධියට පත් නොකළ එම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන ටොම් කෲස් ද අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යෑමට නියමිත බව හොලිවුඞ් ආරංචි මාර්ග සඳහන් කරයි.

‘කොවිඞ් 19’ වයිරස තර්ජනය හේතුවෙන් මේ වනවිට හොලිවුඞ් කර්මාන්තය අඩපණ වී ඇති අතර, ටොම් කෲස් පවසා ඇත්තේ, වයිරසයේ බලපෑම් අවසන් වූ සැණින් ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට යෑමට නාසා ආයතනය සමඟ තමන් විශේෂ පුහුණුවකට එක් වන බවය.

පරිගණක ප්‍රයෝග කිසිවයක් නොමැතිව තමන් සැබැවින්ම අභ්‍යවකාශයේ රූගත කිරීම්වල නියැලීමට බලාපොරොත්තු වන බවත්, එය තමන්ට පමණක් නොව තම රසික රසිකාවියන්ට ද අලුත් අත්දැකීමක් වනු ඇති බවත් ටොම් කෲස් පවසා ඇත.

මිෂන් ඉම්පොසිබල් කතා මාලාව හරහා ටොම් කෲස් ක්‍රියාදාම රැසකට සම්බන්ධ විය. ඒ ස්ටන්ට් ශිල්පීන් සම්බන්ධ කර ගන්නේ නැතිවය. මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට් චිත්‍රපටය වෙනුවෙන්, ටොම් සැබෑවටම උඩු ගුවනේ කරණම් ගැසුවේය.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS