⁣ඩුබායි දොරටුව



ඩුබායි නගර⁣ය නව සංචාරක ආකර්ෂණය නව දිශානිතියකට යොමු කිරීමේ අරමුණින් ඉදිකරනු ලැබූ ⁣"ඩුබායි දොරටුව" (ඩුබායි ෆ්‍රේම්) ලබන දෙසැම්බර් 02 වැනිදා ට යෙදී ඇති එමීර ජාතික දිනයේදී ජනතාව සදහා විවෘත කිරීමට නියමිතය .

ඩිරාම් මිලියන 160 අතිවිශාග පිරිවැයක් දරමින් ඉදි කළ මෙම ඉදිකිරීම ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා , බර්ජ් අල් අරාබි ආදි ස්ථාන මෙන් සංචාරකයින්ගේ දැඩි අවධානයක් යොමු කර ගැනීමට හැකි වනු ඇතැයි එහි පාලනාධිකාරිය විශ්වාස කරයි.

මීටර් 150ක් උසැති ,මීටර් 93 ක් පළලැති සමචතුරස්‍රාකාර මෙම කුලුනු පාමුල ඩුබායි රයේ විකාශනය විදහා දැක්වෙන් ඉතිහාසගත තොරතුරැ ඇතුළත් කෞතුකාගාරයක් ද ස්ථාපිත කර ඇත.

සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ෆර්නෑන්ඩු ඩෝනිස් ගේ සු⁣විශේෂි නිර්මාණයකි.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS