’’සැමට ප්‍රතිකාර’’ - ආරාබි රජු කියයි.



කොරෝනා ‍වයිරසය ආසාදනය වූ ඕනෑම අයකුට ප්‍රතිකාර කිරීම සඳහා සෞදි අරාබිය මුදල් ලබාදෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආහාර හිඟයක් සම්න්ධයෙන් කෝලීය වශයෙන් බියක් තිභුණ ද තිරිඟු සහ පශු සම්පත් නැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ද පියවර ගෙන ඇතැයි රජය පවසයි.

මේ වනවිට සෞදි අරාබියේ ආසාදිතයන් 1,453ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 08 කි.

සෞඛ්‍ය අමාත්‍ය තව්ෆික් අල් රබියා කියා සිටියේ සල්මාන් රජු ‍වයිරසය ආසාදනය වූ සියලු පුරවැසියන්ට සහ ඔවුන්ගේ නිවැසියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස උපදෙස් දී ඇති බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඔටුන්න හිමි කුමරු මොාහොමඩ් බින් සල්මාන් දිවා රෑ නොබලා මෙම කටයුතු අධීක්ෂණය කරන බවයි.

කොරෝනා වයිරස් වසංගතය මර්ධනය කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ G20 නායක හමුව පැවැති අවස්ථාවේ දී සල්මාන් රජජු එහි මුලසුන දැරුවේය.


RECOMMEND POSTS