’ෆයිසර්’ එන්නත සෞදි වැසියන්ට



ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ප්‍රතිශක්තිකරණ එන්නත සෞදි වැසියන්ට ලබා දීම ආරම්භ වී ඇත.

එන්නත ලබා ගැනීමට සෞදි වැසියන් ලියාපදිංචි කිරීම මීට දින කීපයකට පෙර සිදුවුණු අතර, ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කළ පළමු දිනයේ 1,50,000 ක පිරිසක් එන්නත ලබා ගැනීමට ලියාපදිංචි වූ බව පැවැසිණි.

එම පිරිස අතරින් පළමු අදියර යටතේ එන්නත ලබා දීම සිදුවන්නේ සෞදියේ වැඩිහිටි පුද්ගලයන්ට සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට බව සෞදි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එන්නත සෞදි වැසියන්ට ලබා දීම නොමිලේ සිදුවෙයි. සෞදි සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත්තේ ‘ෆයිසර්’ සහ ‘බයෝඇන්ටෙක්’ පළමු එන්නත් තොගය මේ වනවිටත් සෞදියට ලැබී ඇති බවය.

 

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS