‘හජ්’ වන්දනාව දේශපාලනයට යටවෙලා



කටාර් අර්බුදය මුල්කොට ගනමින්, ගල්ෆ් කලාපයේ නිර්මාණය වී ඇති අවුල් සහගත තත්ත්වය හමුවේ, ‘හජ්’ වන්දනාව ද දේශපාලනීකරණය වී ඇතැයි කටාර් මානව හිමිකම් ක්‍රියාකාරීහු චෝදනා නගති.

‘හජ්’ වන්දනාව කටාර් බැතිමතුන්ට තහනම් කිරීමට සෞදි බලධාරීන් තහංචි පනවා ඇත.

කටාර් ජාතික මානව හිමිකම් සුරැකීමේ මණ්ඩලය ජාත්‍යන්තරයට දන්වා ඇත්තේ සෞදියේ මෙම තීරණය දරුණු ලෙස මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියාය.

සෞදිය ඇතුළු සෙසු ගල්ෆ් රටවල් පනවා ඇති තහනම අනුව, කටාරයෙන් පිට ජීවත්වන කටාර් වැසියන්ට පවා හජ් වන්දනාවට සෞදියේ මක්කම බලා පැමිණීමට අවසර හිමි නොවේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS