‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ කුවේටයේ තහනම්



නවතම වෝල්ට් ඩිස්නි චිත්‍රපටය ‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ කුවේටයේ සිනමාහල්වල ප්‍රදර්ශනය තහනම් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ චිත්‍රපටයට සමලිංගික චරිතයක් ඇතුළත් කර තිබීම යැයි කුවේට් බලධාරීහු පෙන්වා දෙති.

‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ එසේත් නැතිනම් ‘සුරූපි සහ විරූපී’ සුරඟන ආදර කතාවක් වන අතර, මෙම නවතම චිත්‍රපටය 90 දශකයේ තිරගත වූ ‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.

බියුටි ඇන්ඞ් ද බීස්ට් චිත්‍රපටය ලොව පුරා සමගාමීව, ඉකුත් සතියේ සිට කුවේටයේ ද ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. පසුගිය දා එය ප්‍රදර්ශනය තහනම් කෙරුණේ කුවේට් ජාතික චිත්‍රපට සංස්ථාවේ තීරණයකට අනුවය.

මුස්ලිම් රටවල සමලිංගිකත්වයට තැනක් නොමැති අතර එය මරණ දඬුවම ලැබිය හැකි වරදකි. කුවේටයේ සමලිංගිකයන්ට සය වසරක සිර දඬුවම් හිමි වන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

(මේල් ඔන්ලයින් ඇසුරිනි)

සමලිංගික චරිතය

 


RECOMMEND POSTS