‘බැල්ෆෝර් ප්‍රකාශනයට’ වසර 100 යි



‘බැල්ෆෝර් ප්‍රකාශනයට’ වසර සියයක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පලස්තීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව හා එක්ව රචනා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

“වසර සියයකට පසු බැල්ෆෝර් ප්‍රකාශය: පලස්තීනයේ යුක්තිය සඳහා වූ ගමන් මග” යන මැයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන් ම රචන ඉදිරිපත් කළ හැකි බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

රචනාවේ අවම වචන සංඛ්‍යාව 1,500ක් විය යුතු බවත් රචනාව පලස්තීන යුක්තිය සහ නිදහස ලබාගැනීමේ අයිතිය පිළිබඳ විශ්ලේෂණයක් විය යුතු බවත් සංවිධායක මණ්ඩලය පෙන්වා දෙයි.

තිදෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් රචනා ඇගයීමට ලක් කරන අතර උපුටා ගැනීම්වල මූලාශ්‍ර සඳහන් කළ යුතු බව ද සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

එක් එක් මාධ්‍යයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ද සියලුම තරගකරුවන්ට සහතික පත්‍ර ද පිරිනමන බව සඳහන් කරන සංවිධායක මණ්ඩලය ඔක්තෝබර් 2 වැනි දිනට පෙර රචනා පහත ලිපිනවලට ලැබිය යුතු බව ද සඳහන් කරයි.

යතුරු ලියනය කරන ලද රචනා ඉ්කදෙමර100හැ්රි?ටප්සකගජදප විද්‍යුත් ලිපිනයට ද ලිඛිත රචනා පලස්තීන තානාපති කාර්යාලය, 110/10, විජේරාම මාවත ලිපිනයට ද එවිය යුතු බවත් රචනා තරගය පිළිබඳ තොරතුරු 011 2 695 991 දුරකතන අංකයෙන් දැනගත හැකි බවත් සංවිධායක මණ්ඩලය තවදුරටත් සඳහන් කරයි.

හර්ෂණ තුෂාර

 


RECOMMEND POSTS