‘කොවිඞ් 19’ දෙවැනි රැල්ල



ලොක් ඩවුන් තහංචි ලිහිල් කර රට යළි යථා තත්ත්වයට පත් කිරීමට ඉරාන රජය පියවර ගැනීමෙන් පසු දිගින් දිගටම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇති අතර, ඉරාන සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර ඇත්තේ වයිරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී ඇති බවය.

පසුගිය තෙදින සෑම දිනකින්ම පාහේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් 3,000 කට වැඩි ප්‍රමාණයක් හමුවී ඇති බව ද ඉරාන සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති. ඉරානය ඔවුන්ගේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කරමින්, මුස්ලිම් පල්ලි, අවන්හල් ආදිය යළි විවෘත කළේ මාස 2 ක් වසා දැමීමෙන් පසුවය.

සමාජ දුරස්ථභාවය රැක ගනිමින්, සෞඛ්‍ය නීතිවලට අනුව කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දී ඇති නමුත් එම උපදෙස් පිළිනොපැදීම නිසා මෙසේ යළි වයිරස රෝගීන් වාර්තා වී ඇතැයි ද ඉරාන සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් පවසා තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS