‘ආදරවන්තයන්ගේ සටන’ 26 දා



ගාල්ල රිච්මන්ඞ් සහ මහින්ද විද්‍යාල ක්‍රිකට් ගැටුම හෙවත් ‘ආදරවන්තයන්ගේ සටන’ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ද ආගන්තුක නැත.

එම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන්, ක්‍රිකට් තරගාවලියක් ලබන 26 වැනිදා, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අජ්මාන් නුවර එම්.සී.සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මෙවර ‘ආදරවන්තයන්ගේ සටන’ පැවැත්වෙන්නේ 12 වැනි වරටය. මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගය අදියර දෙකකින් පැවැත්වෙයි.

පන්දු වාර 10 බැගින් වන ඉනිම දෙකක් ක්‍රීඩා කිරීමට පිළකට අවස්ථාව හිමිවෙයි. ජයග්‍රාහකයා තෝරන්ගේ ඉනිම දෙකෙන් වැඩිම ළකුණු ලබා ගන්නා කණ්ඩායමය. ක්‍රිකට් තරගය ඇරැඹෙනු ඇත්තේ සවස 5 ටය.

මෙම අවස්ථාව සඳහා මාධ්‍ය සහකරු ලෙස ‘ලක්නද’ ගුවන් විදුලිය කටයුතු කරනු ඇති බව ද සංවිධායකයෝ වැඩි දුරටත් කියා සිටිති.


RECOMMEND POSTS