ළමුන් ඉදිරියේ ගුරුවරයෙකුට පහර දෙයි



සෞදි අරාබියේ ජෙඩා නගරයේ ද්වියිතික පාසලක ගුරුවරයෙක්ට මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිසක් අමානුෂික ආකරයෙන්ළමුන් ඉදිරියේ පහර දී ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් පසු ගුරුවරයා බිම ඇද වැටී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.

ප්‍රතිකාර ලබාදීම සඳහා ගුරුවරයාව රෝහල් ගත කළ බවත් පහරදුන් පුද්ගලයින් පැමිණි මෝටර් රථයේ අංකය පාසල ආසන්නයේ පදිංචිකරුවෙක් පොලීසියට ලබාදුන් බවත් හැකි ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS