ළමා චිත්‍රපට තහනම ඉවතට



සෞදි රජය දසක තුනක කාලයක් පනවා තිබු ළමා චිත්‍රපට තහනම ඉවත් කිරීමට පසුගියදා කටයුතු කළ අතර සෞදි දරුවන්ට සිනමාහල්වලට ගොස්  චිත්‍රපට නැරඹිමේ අවස්ථාවඉදිරියේදි හිමිවන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි සංස්කෘතික සහ කලා සමාජය සිකුරාදා(ජන:12) සිට බ්‍රහස්පතින්දා(ජන:17) දක්වා “The Emoji Movie” සහ “Captain Underpants” යන ළමා චිත්‍රපට දෙකත් සෞදි ප්‍රවෘත්ති ආයතනය ජනවාරි 18 සිට 31 දක්වා “The Son of Bigfoot’’ සහ “Paddingtion 2’’ළමා චිත්‍රපට දෙක පෙන්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ජෙඩා නගරයේ පළමු ළමා චිත්‍රපටය පෙන්වීම පාසල් නිවාඩු කාලය ඉලක්ක කර ගනිමින් සිදුකිරීමට සැලසුම් කර ඇත.

පාසල්දරුවන්ඉලක්කකරගනිමින්"සංචාරයකිරීමටසිතන්නවත්එපා" යන තේමාව යටතේ චිත්‍රපට රාශියක් පාසල් නිවාඩුකාලයතුළපෙන්වීමට සෞදිවිනෝදාස්වාදඅධිකාරියසැළසුම් කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS