හොරට හදලා දීලා හිරේ යයි



විදේශ ගමන් බලපත්‍ර සහ උප්පැන්න සහතික වංචනික ආකාරයෙන් මුදලට විකිණු කුවේට් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

තමන් විදේශ ගමන්බලපත්‍ර සහ උප්පැන්න සහතික විකුණන බවට විඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමට අත්අඩංගුවට ගත් පුද්ගලයා කටයුතු කර ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන බවට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS